ශ්‍රී ලංකාව ඇතුලු මුළු ලෝකයම ඊයේ (08) ජගත් කාන්තා දිනය සමරද්දී මෙරට පාසල් යන වයසේ පසුවන දැරියන්ගේ, ගැබ් ගැනීම් සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුවන ළමා අපයෝජන හා අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් හේතුවෙන් සිදු වන ළමා ගැබ් ගැනීම් ප්‍රමාණය, සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බවටයි එම වාර්තාව අනාවරණ කරන්නේ.
අදාළ වාර්තාවේ දත්තවලට අනුව 2023 වසරේදී පාසල් යන වයසේ පසුවන ගැහැනු ළමයින් 167 දෙනෙකු ගැබ් ගෙන ඇති අතර, 2024 වසරේදී වාර්තා වන ළමා ගැබ් ගැනීම් ප්‍රමාණය 213ක්.
පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පෙන්වා දෙන්නේ, 2024 වසරේදී වාර්තා වූ ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10ක දැරියක්ද සිටින බවයි.
මේ අතර 1989 වසරේ නොවැම්බර් මස 20 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු සියලු දෙනා දරුවන් ලෙස සැළකෙනවා.
මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඉ) වගන්තියට අනුව, ස්ත්‍රීය වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක නම් “කැමැත්ත “ යන්න අදාළ නොවන නිසා, එවැනි තැනැත්තියක සමග ලිංගික සබදතා පැවැත්වීම “ දූෂණයක් “ හෙවත් “ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් “ ලෙසයි සැළකෙන්නේ.

වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට
සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්