නව යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දැනට ප්‍රමුඛතා ලබා දී ඇත්තේ විෂය මාලා ප්‍රතිසංස්කරණ සඳහා පමණක් බවත් ප්‍රධාන කුළුණු පහක් පදනම් කරගෙන එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදීරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අද (24) පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ඇය මේ බව ප්‍රකාශ කළා.
අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ පොතුවිල් ප්‍රදේශ සඳහා වෙන වෙනම අධ්‍යාපන කලා පිහිටුවීමට කටයුතු කරන්නේදැයි යනුවෙන් එම්. එස්. උදුමා ලෙබ්බේ මහතා විසින් අමාත්‍යවරියගෙන් විමසීම් කර තිබුණා.
ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ, අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ කුළුණක් ක්‍රියාත්මක කරන විට වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට අවශ්‍ය වේ නම් එම අවස්ථාවේ ඒ පිළිබඳව සලකා බලන බවයි.
නව අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 2026 වසරේදී කලාප කාර්යාල වැඩි කිරීම සම්බන්ධව නිශ්චිත තීරණයක් මේ වන තෙක් ගෙන නොමැති අතර වඩාත්ම සාධනීය අයුරින් අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව අමාත්‍යවරිය සඳහන් කළා.
ඒ අනුව එක් එක් කලාපයන්ට ඇතුල් වන පාසල් සංඛ්‍යාව, ශිෂ්‍ය සංඛ්‍යාව, ගුරු සංඛ්‍යාව සහ ගෝලීය පිහිටීම යන කරුණූ පදනම් කරගෙන අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන විට නව අධ්‍යාපන කලාප ඇති කිරීමට අවශ්‍යතාවයක් මතු වුවහොත් ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍යවරිය පවසන්නේ.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විවාදය අද පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එම විවාදය ඇමතීමට නියමිතයි.

අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය