පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මේ දක්වා හෙළි නොවූ කරුණු රැසක්ම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදය ගෙන එන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී හෙළි කරන බව සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවා.
ඔහු පැවසුවේ, ලබන සඳුදා මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදෙන බවයි.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා දින දෙකක් ඉල්ලා සිටින බවත්, හැකි තරම් ඉක්මනින්ම මෙම විවාදය පවත්වන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත්, මුජිබර් රහුමාන් ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අත්සන් කර ඇති බවත්, දැනටමත් විපක්ෂයේ විශාල පිරිසක් මේ ගැන දැඩි උනන්දුවකින් කටයුතු කරන බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් ආණ්ඩු විසින් සිදු කරනවා නම් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට අනිවාර්යෙන්ම ක්‍රියා කළ යුතු බවයි.

විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය