ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යුද
හමුදාවේ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබෙනවා.
ඒ, යුද්ධ හමුදාව නියෝජන කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ඊයේ යුද හමුදා මූලස්ථානයේ සංවිධාන කරතිබූ උත්සවයක දී යි.
ඒ අනුව සාමාන්‍ය සෙබළ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයටත් ආසියානු දැල්පන්දු ශූරතාව
දිනාගත් ශ්‍රී ලංකාව කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ සාමාන්‍ය සෙබළියන් වන ටී.ටී.
අල්ගම, කේ.බී.වයි.ද. සිල්වා සහ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් උසස් කර
තිබෙනවා.
ඊට අමතර මහීෂ් තීක්ෂණයට සහ ආසියානු කායවර්ධන ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්ෂ වෙත මූල්‍ය දිරිගැන්වීම් ප්‍රදානයක් ද සිදු
කෙරුණා.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි