Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රනිල්ගේ ලේකම් ගැන තවදුරටත් විමර්ෂන

9 months ago

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබදව විමර්ශනය කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (26) රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩුව කැඳවූ අවස්ථාවේදි ඔවුන් මේ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නා.

මීට පෙර අතිරේක සොලිසටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර තිබුණේ, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

ඒ, පසුගිය 22 වෙනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදියි.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට විදේශ ගමන් තහනමක්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියත්, ඔහු පසුගිය 22 වැනිදා අධිකරණයට පැමිණිම නිසා එවැනි ක්‍රියාවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද දිලීප පීරිස් මහතා වැඩිදුරත් පෙන්වා දුන්නා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *