22 වන වයස අවුරුදු 20න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට තරුෂ මෙන්ඩිස්ට අද (30) සමත්විය.
එහිදී ඔහු වාර්තා කළ උස මීටර් 2.14කි.
මේ අතර කාන්තා මීටර 200 ධාවන ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ රන්සිනි පෙරේරා තියුණු අවසානයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නාය.
ඒ තත්පර 24යි දශම 7කින් තරගය නිම කරමිනි.
එමෙන්ම පිරිමි මීටර 200 ධාවන ඉසව්වේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සදෙව් රාජකරුණා සහ ඔමෙල් සිල්වා සහභාගි වූහ.
එහිදී තත්පර 21.13කින් තරගය නිම කළ සදෙව් රාජකරුණා ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දුන් අතර ඔමෙල් සිල්වාට සිව් වන ස්ථානය හිමිවිය.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ, හොංකොංහිදීය.

ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
කත්නෝරුවේ හිමි වැනි අයගේ සහයෝගය ඕනේ – ජනපති
විදුලි බිල අඩු කරන පෙරනිමිති! ශ්‍රී ලංකාවට ප්‍රථම වරට බැටරි බලශක්ති ගබඩා පද්ධති!
අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!
මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ
සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්
කොළඹ උද්ධමනයේ වැඩිවීමක්