Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවකයින්ට විධිමත් වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට යෝජනා

11 months ago

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ, අනුකාරක සභාව සඳහා ලබා දී තිබෙනවා.
 
සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ , අනුකාරක සභාව ඒ සඳහා වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා ලබා ගත්තා.
 
 ඒ එම අනුකාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී.

සමස්ත රාජ්‍ය සේවය නියෝජනය වන පරිදි වෘත්තීය සමිති නියෝජනය කරමින් අනුකාරක සභාව හමුවට කැඳවා තිබු සාමජිකයින් විසින්, ඔවුන්ගේ සේවාවන්ගේ පවතින ගැටලු හා වැටුප් විෂමතාවන් පිළිබඳව කාරක සභාවේ අවධානයට යොමුකළා.
 
තවදුරටත් ඔවුන් සතුව පවතින අදහස් හා යෝජනා සති දෙකක් තුළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යොමු කිරීමට අවස්ථාව පවතින බව අනුකාරක සභා සභාපතිවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසුවා.
 
සමස්ත රාජ්‍ය සේවයේ නිරතවෙන සේවකයින් උදෙසා වඩාත් විධිමත් හා විද්‍යානුකූලව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමටත්, ඔවුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා වන සේවා ව්‍යවස්ථා, බඳවාගැනීමේ පටිපාටි, උසස්වීම් සහ දීමනා සම්බන්ධව දැනට පවතින තත්ත්වයන් වඩාත් සාධාරණ ආකාරයට සිදුකිරිමට අපේක්ෂා කරන බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.
 
එමෙන්ම රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා මෙ‍ලෙස පාර්ලිමේන්තුවේදී රැස්වී සාකච්ඡා කරනුයේ ඒ සඳහා කටයුතු කිරීමට අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුලත් වර්තාවක් සකස් කර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීමට බවත් අනුකාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *