හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් ඉවත් වීමට තවත් දින කිහිපයක් ගතවන බව දැනුම් දී තිබේ.
ඒ අනුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ නිවස භාරදීමට ඔහු සූදානම් බවත් මෙම දිනවල සොයාගත් නව නිවසෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරන නිසා දින කිහිපයක් නිල නිවසේ රැඳී සිටීමට අදහස් කරන බවයි.
එම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ නිල නිවසෙහි කිසිදු පහසුකමක් නොමැති බවත් එය අපායක් වැනි තැනක් බවයි.
ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන ආකාරයට ඔහුගේ නිල නිවසේ කාමර දෙකක් පමණි.
එම නිසා ඔහුගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් එකම දිනයක නිල නිවසට පැමිණියහොත් නතරවීමට අවස්ථාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.
ඒ වගේම ඔහු මෙම නිල නිවසෙන් ඉවත් වීමට තීරණය කළ මොහොතේ ඔහු වෙනුවෙන් නිවාස ලබාදීමට කිහිපදෙනෙක් ඉදිරිපත් වූ බව ප්‍රකාශ කළේය.
තමාට මේ වන වන විට කිසිදු අමතර ආදායමක් නොමැති බවත් ඇත්තේ විශ්‍රාම වැටුප පමණක් බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට