Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මම ඉන්න නිල නිවස අපායක් – මෛත්‍රීපාල සිරිසේන

7 months ago

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් ඉවත් වීමට තවත් දින කිහිපයක් ගතවන බව දැනුම් දී තිබේ.

ඒ අනුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ නිවස භාරදීමට ඔහු සූදානම් බවත් මෙම දිනවල සොයාගත් නව නිවසෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරන නිසා දින කිහිපයක් නිල නිවසේ රැඳී සිටීමට අදහස් කරන බවයි.

එම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ නිල නිවසෙහි කිසිදු පහසුකමක් නොමැති බවත් එය අපායක් වැනි තැනක් බවයි.

ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන ආකාරයට ඔහුගේ නිල නිවසේ කාමර දෙකක් පමණි.

එම නිසා ඔහුගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් එකම දිනයක නිල නිවසට පැමිණියහොත් නතරවීමට අවස්ථාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ඒ වගේම ඔහු මෙම නිල නිවසෙන් ඉවත් වීමට තීරණය කළ මොහොතේ ඔහු වෙනුවෙන් නිවාස ලබාදීමට කිහිපදෙනෙක් ඉදිරිපත් වූ බව ප්‍රකාශ කළේය.

තමාට මේ වන වන විට කිසිදු අමතර ආදායමක් නොමැති බවත් ඇත්තේ විශ්‍රාම වැටුප පමණක් බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *