කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ MPMG ඩ්‍රම්ස් බොක්ස් 05 ක් ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් සොයාගෙන තිබේ.
තවද මෙම ස්ථානයේ තිබී පතොරම් සහිත බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් ද සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත විමර්ශනය කර මෙම ආයුධ සොයාගෙන ඇත.
මෙම සංග්‍රාමික උපකරණ තොගය වෙහෙරගල ජලාශයේ ජලය අඩු වීම හේතුවෙන් නිරීක්ෂණය වී ඇති අතර මෙම සංග්‍රාමික උපකරණ හමු වූ ස්ථානය ගෝනගංආර පොලිස් වසමට අයත් බැවින් වැඩිදුර විමර්ශන සඳහා ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම වැව් බැම්මේ සොරොව්ව ආසන්නයේ ජලය තවදුරටත් පවතින බැවින් එම ස්ථානය නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව පරීක්ෂා කිරීමට නියමිතව බව පොලීසිය පවසයි.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි