කඩුවක් අතැතිව දුම්රියකට ගොඩවූ කොල්ලකරුවන් දෙදෙනෙක් කාන්තාවකගේ ගෙලබැඳි රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් තිබූ මුදල් පසුම්බියක් ද කොල්ලකා තිබේ.
අද (06) උදෑසන කොළඹ සිට මාතර දක්වා ගමන් කරමින් තිබූ අදාළ දුම්රිය අඟුලාන දුම්රිය ස්ථානයට අලුයම 05.30 පමණ ළඟාවී ඇති අතර එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා දුම්රියට ගොඩවී ඇත.
පසුව සැකකරුවන් අදාළ දුම්රියේ ගමන්ගත් අඹු-සැමි යුවළක් බියවද්දා කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා තිබේ.
එහිදී පිරිමි පුද්ගලයා මුදල් පසුම්බිය ලබාදීමට විරෝධය පා ඇති අතර සැකකරුවෙක් විසින් එම පුද්ගලයාගේ එක් අතකට කඩුවෙන් කොටා කාන්තාවට ද පහර දී ඇති බව වාර්තා විය.
එහිදී දුම්රියේ ගමන්ගත් තවත් මගීන් කිහිපදෙනෙක් එම ස්ථානයට පැමිණ ඇති අතර සැකකරුවන් ධාවනයවෙමින් තිබූ දුම්රියෙන් පැන පළාගොස් තිබේ.
ලුනාව ප්‍රදේශයේදී සැකකරුවන් එලෙන පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව මොරටුව පොලීසිය වහාම එම ස්ථානයට පැමිණ ඇත.
එහිදී ධාවනයවෙමින් තිබූ දුම්රියෙන් පැන්න එක් සැකකරුවෙක් තුවාල ලබා දුම්රිය මාර්ගයේ වැටී සිටියදී පොලීසිය භාරයට ගෙන තිබේ.
අනෙක් සැකකරු රන් මාලය සහ රුපියල් ලක්ෂ 2ක් සහිත මුදල් පසුම්බිය රැගෙන පළාගොස් ඇත.
සිද්ධියට මුහුණදුන් අඹු-සැමි යුවළ පල්ලෙමුණ දකුණ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පැමිණ ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ඇති යතුරුපැදියක් මිලදී ගැනීමේ අරමුණින් බවද පොලීසිය පවසයි.
කඩු ප්‍රහාරයට ලක්වූ පිරිමි පුද්ගලයා සහ පහරකෑමට ලක්වූ කාන්තාව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හිසට සිදුවූ තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබැදී ඇති අතර මෙම සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදී බන්ධනාගාරගතවූ පුද්ගලයක් බවත් ඔහු දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවත් මොරටුව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදා ඇති බව මොරටුව පොලීසිය ප්‍රකාශ කරන ලදී.
– අරුණ –

විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි
බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!