Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ හරිනි අතර හමුවක්

17 hours ago

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි අතර හමුව අද නවදිල්ලි නුවරදී සිදු කෙරුණා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පිළිගැනීමට ලැබීම සතුටක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතා සිය X ගිනුමේ සටහනක් තබමින් පවසනවා.

එහි දැක් වුණේ දෙරට අතර සාකච්ඡා අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවෝත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු පුළුල් පරාසයක් ආවරණය කළ බවයි.

සමීප අසල්වැසියන් ලෙස, අපගේ සහයෝගීතාවය අපගේ ජනතාව, දෙරටේ සමෘද්ධිය මෙන්ම බෙදාගත් කලාපයේ සමෘද්ධිය සඳහා ඉමහත් වැදගත්කමක් දරන බව ද මෝදි මහතා එහි සඳහන් කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *