වසර ගණනාවක් පුරා පරිශීලකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබූ ස්වාධීන Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට Meta සමාගම තීරණය කර ඇත.
මීට පෙර Windows සහ Mac සඳහා වූ ඩෙස්ක්ටොප් මෘදුකාංග ඉවත් කිරීමෙන් පසු ගත් මෙම තීරණයත් සමඟ Messenger සේවාව නැවතත් ප්‍රධාන Facebook වේදිකාව හා ඒකාබද්ධ කිරීමට Meta සමාගම පියවර ගෙන තිබේ.
මෙම වෙනසත් සමඟ පරිගණක මගින් පණිවිඩ හුවමාරු කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.
අප්‍රේල් මාසයේ සිට messenger.com වෙත පිවිසෙන අයව ස්වයංක්‍රීයව facebook.com/messages වෙත යොමු කරනු ලැබේ.
Facebook ගිණුමක් නොමැතිව Messenger පමණක් භාවිතා කළ අයට මින් ඉදිරියට පරිගණක හරහා සිය පණිවිඩ බැලීමට නොහැකි වනු ඇත. ඔවුන්ට ඇති එකම විකල්පය වන්නේ Messenger ජංගම දුරකථන යෙදුම (Mobile App) පමණි.
සියලුම චැට් ඉතිහාසයන් ආරක්ෂිතව පවතින අතර, පරිශීලක PIN අංකය භාවිතයෙන් ඒවා නැවත ලබාගත හැක.
Meta සමාගමේ මෙම තීරණය සම්බන්ධයෙන් ලොව පුරා පරිශීලකයින් විශාල පිරිසක් සිය නොසතුට පළ කරමින් සිටිති.
acebook ගිණුම අක්‍රිය (Deactivate) කර පණිවිඩ හුවමාරුවට පමණක් Messenger භාවිතා කළ පිරිසට මෙය දැඩි බාධාවකි.
ප්‍රධාන Facebook වෙබ් අඩවියේ ඇති අනවශ්‍ය පුවත් (News feed) සහ දැන්වීම් මඟහැර පණිවිඩ හුවමාරු කිරීමට කැමති වූ පිරිසටද මෙය අවාසිදායක වේ.

රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්! පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි!
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන්