ඊශ්‍රායලයේ වෙසෙන මෙරට ශ්‍රමිකයින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල භාවිතයේදී නොදන්නා පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයේ පිහිටි තානාපති කාර්යාලය දැනුම්දීමක් සිදු කර තිබේ.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳ ශ්‍රී ලංකා ශ්‍රමිකයින් අවධානයෙන් පසුවිය යුතු බවය.
“දින 11ක් පුරා ව්‍යාප්තවන ඊශ්‍රායල, ඉරාන් සහ අමෙරිකානු හමුදා සම්බන්ධ වූ මැදපෙරදිග යුදමය තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙන තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඊයේ රාත්‍රීයේ පමණක් 7 වතාවක් සයිරන් නාදවුණා. ඊශ්‍රායලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ දී ඔවුන් හමුදා සහ සන්නිවේදන ඉලක්ක වෙත මිසලයිල එල්ල කිරීමේ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. මීට අමතර වශයෙන් අද ඊශ්‍රායල් ආරක්ෂ හමුදා දන්වනු ලැබුවා තමන්ට ඊශ්‍රායලයේ තියෙන සමාජ මාධ්‍ය හෝ ඊමේල් ආදියට නොදන්නා අංකයකින් හෝ නොදන්නා ගිණුමකින් ලැබෙන සියලුම ලිපි හෝ වෙනත් දෑ කිසිම හේතුවකින් විවෘතකරන්න එපා මොකද බොහෝ අවස්ථාවලදී සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ උත්සහායන් තියෙනවා.”

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි