හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව සිදුකළ දූෂණ විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී, ඇප මත මුදාහැර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන වාර්තා සහ ගොනු මේ වන විට කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බවයි. එම විමර්ශනවල ප්‍රගතිය සහ ඉදිරි නීතිමය පියවර පිළිබඳව අධිකරණය දැනුවත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, අදාළ පැමිණිල්ල ලබන ජුලි මස 10 වනදා යළි කැඳවීමට නියම කළේය.
පසුගිය අරගල සමයේදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ විනාශ වී තිබුණි. එම දේපොළ වෙනුවෙන් හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කරමින් රුපියල් 8,850,000 ක වන්දි මුදලක් ලබාගත් බවට එල්ල වූ චෝදනාව මත ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

බලශක්ති අර්බුදයක් පිළිබඳව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් අනතුරු ඇඟවීමක්
දඹුල්ලෙන් ආරම්භ වන සාම පාගමනේ ගමන් මග
කොළඹ ඇතුළු ජනාකීර්න ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර මාලාවක්? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
රටම බලා සිටි පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි
හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අත්අඩංගුවට
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් ලද ආදායම
ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
2026 මුල් මාස 03 දී ලංකා IOC සමාගමට බිලියන ගණනක ශුද්ධ ලාභයක්
ඇපල් සමාගමේ නායකත්වයේ වෙනසක්! ටිම් කුක් CEO ධුරයෙන් ඉවත් වෙයි!
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්
සනත් ජයසූරිය වසර 18ක් පුරා රැකගෙන සිටි වාර්තාවක් සම කළ තිලක් වර්මා
සාම පාගමන වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ මහා සංඝරත්නය දිවයිනට! ‘ආලෝකා’ ත් එයි!