Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සනත් ජයසූරිය වසර 18ක් පුරා රැකගෙන සිටි වාර්තාවක් සම කළ තිලක් වර්මා

1 hour ago

​IPL ක්‍රිකට් පිටියම මවිතයට පත් කරමින් ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායමට එරෙහිව පන්දු 45කදී සුපිරි ශතකයක් රැස් කිරීමට මුම්බායි ඉන්ඩියන්ස් (MI) පිතිකරු තිලක් වර්මා ඊයේ(20) සමත් වුණා.

ඔහුගේ මෙම වේගවත් ශතකයත් සමඟ මුම්බායි ඉන්ඩියන්ස් වෙනුවෙන් IPL ඉතිහාසයේ වේගවත්ම ශතකය රැස් කළ ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරිය වසර 18ක් පුරා රැකගෙන සිටි වාර්තාව සම කිරීමටද තිලක් වර්මාට හැකි වුණා.

වර්මා සිය ඉනිමේ මුල් ලකුණු 19 රැස් කිරීමට පන්දු 22ක් වැය කරමින් මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළද ඉනිමේ අවසන් පන්දු 23 තුළදී පමණක් ලකුණු 82ක් රැස් කිරීම විශේෂත්වයක්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් ඇතුළත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *