Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශෂීන්ද්‍ර ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් කරයි

1 month ago

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව සිදුකළ දූෂණ විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී, ඇප මත මුදාහැර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන වාර්තා සහ ගොනු මේ වන විට කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බවයි. එම විමර්ශනවල ප්‍රගතිය සහ ඉදිරි නීතිමය පියවර පිළිබඳව අධිකරණය දැනුවත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, අදාළ පැමිණිල්ල ලබන ජුලි මස 10 වනදා යළි කැඳවීමට නියම කළේය.

පසුගිය අරගල සමයේදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ විනාශ වී තිබුණි. එම දේපොළ වෙනුවෙන් හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කරමින් රුපියල් 8,850,000 ක වන්දි මුදලක් ලබාගත් බවට එල්ල වූ චෝදනාව මත ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *