තමන්ගේ විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් දැනට ස්ථිර බලාපොරොත්තුවක් නොමැති බවත්, ශරීර යෝග්‍යතාවය අනුව ඉදිරි වසරක හෝ දෙකක කාලයක් ක්‍රීඩා කරන ලෙස නව පුහුණුකරු තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසන්නීය.
බංග්ලාදේශයට පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ඉදිරි ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව සිය ක්‍රිකට් අනාගතය පිළිබඳව තීරණය කරන බවය.
මෙම බංග්ලාදේශ සංචාරයේදී පැවැත්වෙන එක්දින තරඟාවලිය ඉතා තීරණාත්මක බව ද මෙම තරඟ තුනෙන් ලබාගන්නා ප්‍රසාද ලකුණු ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට අතිශය තීරණාත්මක වන බව පැවසූ ඇය පෙන්වා දෙයි.
ඒ අනුව සුදුසුකම් ලැබීමේ වටයට මුහුණ නොදී, සෘජුවම ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීම කණ්ඩායමේ මූලික අපේක්ෂාව බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
එමෙන්ම ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානය වන විට ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බවත්, 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට පැමිණීම ගැන තමන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක ලෙස ඉතා සතුටු වන බවත් චමරී අතපත්තු විසින් පවසන ලදී.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට