Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දඹුල්ලෙන් ආරම්භ වන සාම පාගමනේ ගමන් මග

2 days ago

අද (21) මෙරටට වැඩම කළ ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමනට නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ අද (21) පස්වරු 3.00ට ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මෙම සාම පා ගමනට ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරේ.

එහිදී අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශ්‍රී මහා බෝධි අංකුරයක් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ වෙත පූජා කිරීමට නියමිතය. 

එමෙන්ම, අද (21) පස්වරු 4.00ට ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස විශේෂ ආගමික වතාවත් සිදු කෙරේ. 

අප්‍රේල් 22වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල්  28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය. 

මෙම සාම පාගමනට එක්ව ලොව පුරා ආදරයට පත් ‘ආලෝකා’ (Aloka) සුනඛයා ද ඔවුහු සමග සිටියි.

සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අමෙරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිතය.

අනතුරුව ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පෙරහැරකින් ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන අතර එහිදී ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ‘ We are the Design’ වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. 

ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය,  සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය  සහ ත්‍රිවිධ හමුදාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි  පූර්ණ අනුග්‍රහය යටතේ මෙම සාම පා ගමන සංවිධානය කෙරේ.  

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *