Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටම බලා සිටි පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

2 days ago

ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්‍රියාත්මක කෙරෙන ‘පත්ල පහත්’ (Low Floor) විශේෂ බස් රථ සේවාව අද (21) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ආරම්භ විය.

ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

රෝද පුටු භාවිතා කරන මගීන්ට, දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට මෙන්ම ගැබිණි මව්වරුන්ට ඉතා පහසුවෙන් බස් රථයට ගොඩවිය හැකි වන පරිදි මෙම බස් රථ විශේෂයෙන් නිර්මාණය කර තිබේ.

අද දින සේවයට එක් කළ බස් රථ 10 තුළ මගී ආසන 30ක් පවතින අතර, රෝද පුටු මගින් ගොඩවන පුද්ගලයින් සඳහාම වෙන්වූ විශේෂ ආසන පහසුකම් ද එහි අන්තර්ගතය.

මෙම නියමු ව්‍යාපෘතිය යටතේ බස් රථ මාකුඹුරේ සිට කොළඹ කොටුව දක්වාත්, මාකුඹුරේ සිට කඩවත දක්වාත් ධාවනය කෙරේ. මෙහි විශේෂත්වය වන්නේ කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ආවරණය වන පරිදි මෙම බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර තිබීමයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ මෙම වසර අවසන් වීමට පෙර මෙවැනි බස් රථ 122ක් ධාවනයට එක් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *