බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රිවරයෙකුට එරෙහිව මුදල් වංචාවන් කීපයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. එලෙස මූල්‍ය චෝදනා එල්ල වී ඇත්තේ මීට මාස කිහිපයකට පමණ ඉහත දී මන්ත්‍රි පදවිය ලද අයකු බව පොලිසිය කියයි.
බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට ඉන්ධන තොග වශයෙන් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 10ක පමණ මුදල් වංචාවක් සිදුකර ඇතැයි ද ඊට අමතරව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් , මන්ත්‍රිවරුන්ගෙන් මෙන්ම විවිධ පුද්ගලයන්ගෙන් ද රුපියල් ලක්ෂ තුන ,හතර බැගින් මුදල් ලබාගෙන ඇතැයි දැනගන්නට ඇත.
ලද පැමිණිලි විමර්ශන සිදුකිරීම සඳහා සැකකාර මන්ත්‍රිවරයා පදිංචි බව කියන අලුබෝමුල්ල නිවසට ගිය ද ඔහු සිය දරුවන්ද පාසලෙන් ඉවත් කරගෙන ප්‍රදේශය හැර ගොස් ඇති බවට පොලිසිය කියයි. එම නිවසේ පදිංචිව සිටින සැකකරුගේ ඥාතීන් පොලිසියට පවසා ඇත්තේ මන්ත්‍රිවරයා සහ පවුලේ සෙසු අය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බවයි.
(බිමල් ජයසිංහ- බණ්ඩාරගම))

විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට