අල්ලස් ලෙස මත්පැන් බෝතලයක් ලබාගැනීමේ චෝදනාව මත ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව බලධාරීන් සඳහන් කරයි. පැමිණිලිකරු විසින් මිලදී ගත් අලුත්ම යතුරුපැදියක් පසුගිය 8 වැනිදා ධාවනය කරමින් සිටියදී, අංක තහඩු නොමැති වීම සහ ආදායම් බලපත්‍රයක් නොමැති වීම යන වැරදි සම්බන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයා ඔහුව නතර කර තිබේ.
අදාළ වැරදි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම සඳහා සැකකාර කොස්තාපල්වරයා මුලින්ම රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත. පැමිණිලිකරු තමන් සතුව එපමණ මුදලක් නොමැති බව පැවසීමත් සමඟ, සැකකරු විසින් ඒ වෙනුවට මත්පැන් බෝතලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ඊයේ පස්වරු 3.00ට පමණ ධර්මපුරම් පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි දුරකථන වෙළඳසැලක් අසලදී පැමිණිලිකරුගෙන් අදාළ මත්පැන් බෝතලය ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් නිලධාරීන් විසින් සැකකරු කොටු කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඉදිරි විමර්ශන කටයුතුවලින් අනතුරුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට