Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත්පැන් බෝතලයක් අල්ලස් ලෙස ගත් පොලිස් කොස්තාපල්වරයෙකු කොටුවෙයි

3 weeks ago

අල්ලස් ලෙස මත්පැන් බෝතලයක් ලබාගැනීමේ චෝදනාව මත ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව බලධාරීන් සඳහන් කරයි. පැමිණිලිකරු විසින් මිලදී ගත් අලුත්ම යතුරුපැදියක් පසුගිය 8 වැනිදා ධාවනය කරමින් සිටියදී, අංක තහඩු නොමැති වීම සහ ආදායම් බලපත්‍රයක් නොමැති වීම යන වැරදි සම්බන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයා ඔහුව නතර කර තිබේ.

අදාළ වැරදි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම සඳහා සැකකාර කොස්තාපල්වරයා මුලින්ම රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත. පැමිණිලිකරු තමන් සතුව එපමණ මුදලක් නොමැති බව පැවසීමත් සමඟ, සැකකරු විසින් ඒ වෙනුවට මත්පැන් බෝතලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

ඊයේ පස්වරු 3.00ට පමණ ධර්මපුරම් පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි දුරකථන වෙළඳසැලක් අසලදී පැමිණිලිකරුගෙන් අදාළ මත්පැන් බෝතලය ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් නිලධාරීන් විසින් සැකකරු කොටු කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඉදිරි විමර්ශන කටයුතුවලින් අනතුරුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *