Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චීන තානාපති ශ්‍රී ලාංකිකයන්ට දුන් සහතිකය

3 weeks ago

මැද පෙරදිග පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ වුවද ශ්‍රී ලංකාව තුළ කිසිසේත්ම ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ නොතබන බව මෙරට චීන තානාපති චී චෑංග් හොංග් මහතා පවසයි. ඕනෑම අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට චීනය සැදී පැහැදී සිටින බව හෙතෙම අවධාරණය කළේය.

ලෝක දේශපාලනික තත්ත්වයන් මත යම් හෙයකින් මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතු වුවහොත්, චීනයේ ‘සිනොපැක්’ (Sinopec) සමාගම මැදිහත් වී එම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට පියවර ගන්නා බව තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය. මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලොව බොහෝ රටවල් පීඩාවට පත්ව ඇති පසුබිමක චීනය මෙම සහතිකය ලබා දී තිබීම විශේෂත්වයකි.

මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී පැවැති අඩු ආදායම්ලාභී පවුල් 350ක් සඳහා වියළි ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තානාපතිවරයා මේ බව කියා සිටියේය. ඈත අතීතයේ සිටම දෙරට අතර පවතින ශක්තිමත් මිතුදහම හේතුවෙන් චීනය සෑම විටම ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙන බව ඔහු සිහිපත් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *