මැද පෙරදිග පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ වුවද ශ්‍රී ලංකාව තුළ කිසිසේත්ම ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ නොතබන බව මෙරට චීන තානාපති චී චෑංග් හොංග් මහතා පවසයි. ඕනෑම අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට චීනය සැදී පැහැදී සිටින බව හෙතෙම අවධාරණය කළේය.
ලෝක දේශපාලනික තත්ත්වයන් මත යම් හෙයකින් මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතු වුවහොත්, චීනයේ ‘සිනොපැක්’ (Sinopec) සමාගම මැදිහත් වී එම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට පියවර ගන්නා බව තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය. මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලොව බොහෝ රටවල් පීඩාවට පත්ව ඇති පසුබිමක චීනය මෙම සහතිකය ලබා දී තිබීම විශේෂත්වයකි.
මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී පැවැති අඩු ආදායම්ලාභී පවුල් 350ක් සඳහා වියළි ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තානාපතිවරයා මේ බව කියා සිටියේය. ඈත අතීතයේ සිටම දෙරට අතර පවතින ශක්තිමත් මිතුදහම හේතුවෙන් චීනය සෑම විටම ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙන බව ඔහු සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට