Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්

5 hours ago

අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ පා ගමන (Walk for Peace) වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පූර්ණ සහයෝගය පළ කර ඇත.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. 

“සියලු ජනයා අතර සිහිබුද්ධිය, මෛත්‍රිය, එකමුතුකම සහ සමගිය ප්‍රවර්ධනය කරමින් අද ආරම්භ වන ‘සාමයේ පා ගමන’ සඳහා සහයෝගය දැක්වීමට ලැබීම මම ගෞරවයක් කොට සලකමි.” ලෙස එහි සඳහන් ව ඇත.

“මෙම පූජනීය පා ගමන දඹුල්ලෙන් ආරම්භ වී, සර්වඥ ධාතූන් වහන්සේලා සහ බෝධි අංකුරයක් ද රැගෙන දිවයින පුරා ගමන් කරන විට, අපේ උරුමය මූර්තිමත් කරන සාමය සහ කරුණාව යන සදාකාලික වටිනාකම් පිළිබඳව නැවත ආවර්ජනය කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරමි.” ලෙසද එහි වැඩිදුරටත් සඳහන්.

මෙම අධ්‍යාත්මික වැඩපිළිවෙළ ජාතික සමගිය ශක්තිමත් කිරීමටත්, ලෝක ප්‍රජාවට සාමය පිළිබඳ ගැඹුරු පණිවිඩයක් සන්නිවේදනය කිරීමටත් උපකාරී වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පවසමින් ජනාධිපති අනුර දිසානායක මහතා සිය පණිවිඩය අවසන් කර ඇත.

සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ.

සාම පාගමන වෙනුවෙන් ‘ආලෝකා’ නම් සුනඛයා ද ආරක්ෂිතව මෙරටට පැමිණ තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *