ශ්‍රී ලංකාව කම්පා කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (අප්‍රේල් 21) වසර 7ක් ගත වේ.
ඒ නිමිත්තෙන් ප්‍රහාරයෙන් වින්දිතයින් වූවන් සිහිපත් කිරීම සහ යුක්තිය ඉටුකිරීම ප්‍රාර්ථනා කරමින් දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම අද විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ.
ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ, අද පෙරවරුවේ සෑම දෙව්මැදුරකම මළවුන්ගේ සීනුව නාද කිරීම, විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම, ඉටිපන්දම් හෝ පහන් දැල්වීම සහ විශේෂ යාච්ඤා මෙහෙයන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේව මෙහෙය පැවැත්වේ.
මේ හේතුවෙන් අද උදෑසන 7.00 සිට කොච්චිකඩේ දේවස්ථානය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. මීට අමතරව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී ද විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය.
පාස්කු සැමරුමට සමගාමීව සංවිධානය කර ඇති විශේෂ ‘යැදුම් පා ගමන’ අද පස්වරු 4.00 ට මීගමුව මාරිස්ටෙලා ක්‍රීඩාංගණයෙන් ආරම්භ වේ. රදගුරු හිමිපාණන් වහන්සේලා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පා ගමන කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම