පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරන ලද වැටලීම් වල දී අත්අඩංගුවට ගෙන බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් හෙට (27) දින ප්‍රසිද්ධියේ දහනය කර විනාශ කිරීමට නියමිතව බව පොලිසිය සඳහන් කරනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම හෙට (27) උදෑසන 09.00 ට පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති විශේෂ දහන උඳුන තුළදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 22යි ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 33 යි ග්‍රෑම් 172 ක් සහ ගංජා කිලෝග්‍රෑම් 247යි ග්‍රෑම් 940ක් විනාශ කිරීමට නියමිතයි.
අදාළ මත්ද්‍රව්‍ය තොග හෙට (27) උදෑසන 05.00 ට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් ද, උදෑසන 07.30ට හලාවත මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් ද විශේෂ ආරක්ෂාවක් සහිතව දහන උඳුන වෙත රැගෙන යාමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

පුද්ගල ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට
ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්
CID නිලධාරීන් මෛත්‍රී වික්‍රමසිංහගේ නිවසට ගිය හේතුව හෙළිවෙයි
ට්‍රම්ප් හදිසියේම පාකිස්තාන සංචාරය අවලංගු කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට්හි දැවැන්ත වෙනසක්?
සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්
ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්
වෙසක් සතියට අදාළව පාසල් සහ අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන දැනුම්දීමක්
මත්තල ගුවන්තොටුපළේ නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා කැඳවයි
බිහිසුණු බස් අනතුරක්! 11ක් රෝහලට! තනතුර අමතක කර පිහිටට ආ කතානායක (වීඩියෝ)
ගිනිඅවියක් අතැතිව ඉඩම් ආරවුලක් විසඳන්න හැදූ මන්ත්‍රී අර්ච්චුනා