රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (25) රාත්‍රියේ මෙම වැටලීම සිදු කරන ලදී.
සැකකරුවන් විසින් රැගෙන ආ ගමන් මලුවල ව්‍යාජ පතුල් සකස් කර, පාසල් උපකරණ සහ රසකැවිලි සමඟ සූක්ෂ්ම ලෙස අසුරා තිබූ කිලෝග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය තොගය නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. සෑම ගමන් මල්ලකම කිලෝග්‍රෑම් 05කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි, උසස් අධ්‍යාපනය හදාරන තරුණ චීවරධාරීන් පිරිසක් බව හඳුනාගෙන තිබේ.
ඔවුන් පසුගිය 22 වැනිදා අනුග්‍රහකයෙකුගේ ආධාරයෙන් තායිලන්තය බලා ගොස් ඇති අතර, එහිදී ඔවුන් ගිහි වෙස්ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සාක්ෂි ඔවුන්ගේ ජංගම දුරකථන හරහා අනාවරණය වී ඇත.
මෙය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ එකවර අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර, චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි

නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු