Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාප් වහන්සේ කළ ඉල්ලීම

38 seconds ago

අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස 14 වන ලියෝ පාප් වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම ගැටුම හේතුවෙන් ‍ඉරානයේ සමස්ත අහිංසක ජනතාවක් පීඩාවට පත්ව සිටින බවයි අප්‍රිකානු සංචාරය නිමා කරමින් නැවත රෝමය බලා යන අතරතුර ගුවන් යානය තුළදී අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ.

එමෙන්ම සාමය ප්‍රවර්ධනය කිරීමටත්, යුද තර්ජනය ඉවත් කිරීමටත්, ජාත්‍යන්තර නීතියට ගරු කිරීමටත් සියලු‍ පාර්ශ්වයන් උපරිම උත්සාහයක් ගත යුතු බව ද පාප් වහන්සේ පෙන්වා දෙනවා.

ඉරානය තුළ ක්‍රියාත්මක වන අමෙරිකානු – ඊශ්‍රායල හමුදා මෙහෙයුම් දැඩි ලෙස විවේචනය කරන්නෙකු වන පාප් වහන්සේට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දිගින් දිගටම ප්‍රහාරාත්මක ප්‍රකාශ පළ කර තිබුණා.

මේ අතර අලු‍තින් දීර්ඝ කරන ලද සටන් විරාමය මගින් ඊශ්‍රායලය සහ ඉරානයේ සහය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම සම්පූර්ණයෙන් නතර වනු ඇතැයි තමන්ට විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනි ඩැනන් පැවසුවා.

පවතින දින 10ක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කරන බවට ජනාධිපති ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේදී නිවේදනය කිරීමෙන් අනතුරුවයි තානාපතිවරයා මෙම අදහස් පළ කළේ.

කෙසේ වෙතත් නව ගිවිසුම පිළිබඳව සඳහන් කරමින් ඔහු පැවසුවේ එය සියයට 100ක් සාර්ථක එකක් නොවන‍ බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *