Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විගමනික ප්‍රේෂණ වාර්තාගත ලෙස ඉහළට

41 minutes ago

මෙම වසරේ පළමු කාර්තුව තුලදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 26.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රි ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන් කරන්නේ 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවයි.

ඒ අනුව ජනවාරි මසදී ඩොලර් මිලියන 751,පෙබරවාරී මස ඩොලර් මිලියන 729ක් හා මාර්තු මසදී ඩොලර් මිලියන 815ක් ලැබී තිබේ. 2025 වර්ෂයේ පළමු මස 3 තුලදී ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,815 කි. (බිලියන 1.815)

විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබීමේ ප්‍රමාණය මෙලෙස ඉහලයාමට රාජය මුල්‍ය විශ්වාසය හා විනිවිධභාවය හා  නිත්‍යානුකූල මාර්ග ක්‍රමවේද ශ්‍රමිකයන් භාවිතා කිරිමට කාර්යාංශය විසින් උනන්දු කරවිම හේතු වි ඇති බව කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර මේ වසරේ ජනවාරී සිට මාර්තු අවසානය දක්වා ශ්‍රමිකයන් 62,145 දෙනකු රැකියා සඳහා විදේශ ගත වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *