Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට විනාශ කිරීමට සැරසෙන මත්ද්‍රව්‍ය කිලෝ 300 

14 minutes ago

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරන ලද වැටලීම් වල දී අත්අඩංගුවට ගෙන බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් හෙට (27) දින ප්‍රසිද්ධියේ දහනය කර විනාශ කිරීමට නියමිතව බව පොලිසිය සඳහන් කරනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම හෙට (27) උදෑසන 09.00 ට පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති විශේෂ දහන උඳුන තුළදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 22යි ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 33 යි ග්‍රෑම් 172 ක් සහ ගංජා කිලෝග්‍රෑම් 247යි ග්‍රෑම් 940ක් විනාශ කිරීමට නියමිතයි.

අදාළ මත්ද්‍රව්‍ය තොග හෙට (27) උදෑසන 05.00 ට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් ද, උදෑසන 07.30ට හලාවත මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් ද විශේෂ ආරක්ෂාවක් සහිතව දහන උඳුන වෙත රැගෙන යාමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *