Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්

6 minutes ago

සාමය සහ සංහිඳියාව අරමුණු කරගනිමින් සංවිධානය කර ඇති “Walk for Peace” වැඩසටහනේ සමාප්ති උළෙල අද (28) පස්වරුවේ කොළඹදී පැවැත්වෙන බැවින්, නගරයේ මාර්ග කිහිපයක විශේෂ රථවාහන පාලනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය උත්සවය අද සවස 4.00 ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

අද පෙරවරු 11.00 සිට උත්සවය අවසන් වන තෙක් අවස්ථානුකූලව ඇති වන තදබදය සැලකිල්ලට ගෙන පහත සඳහන් මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත:

  • බණ්ඩාරනායක වටරවුමේ සිට බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල හන්දිය දක්වා සහ මරදාන පාර.
  • වෝඩ් පෙදෙස, සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත සහ හෝර්ටන් වටරවුම.
  • නිදහස් මාවත, එෆ්. ආර්. සේනානායක මාවත, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මාවත සහ මාර්කස් ප්‍රනාන්දු මාවත.
  • පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, මුත්තයියා පාර සහ ස්ටැපල් වීදිය ඇතුළු මාර්ග.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ කොළඹ නගරය තුළ ඇති විය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීම සඳහා හැකි සෑම අවස්ථාවකම විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *