සාමය සහ සංහිඳියාව අරමුණු කරගනිමින් සංවිධානය කර ඇති “Walk for Peace” වැඩසටහනේ සමාප්ති උළෙල අද (28) පස්වරුවේ කොළඹදී පැවැත්වෙන බැවින්, නගරයේ මාර්ග කිහිපයක විශේෂ රථවාහන පාලනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය උත්සවය අද සවස 4.00 ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතව ඇත.
අද පෙරවරු 11.00 සිට උත්සවය අවසන් වන තෙක් අවස්ථානුකූලව ඇති වන තදබදය සැලකිල්ලට ගෙන පහත සඳහන් මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත:
- බණ්ඩාරනායක වටරවුමේ සිට බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල හන්දිය දක්වා සහ මරදාන පාර.
- වෝඩ් පෙදෙස, සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත සහ හෝර්ටන් වටරවුම.
- නිදහස් මාවත, එෆ්. ආර්. සේනානායක මාවත, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මාවත සහ මාර්කස් ප්‍රනාන්දු මාවත.
- පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, මුත්තයියා පාර සහ ස්ටැපල් වීදිය ඇතුළු මාර්ග.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ කොළඹ නගරය තුළ ඇති විය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීම සඳහා හැකි සෑම අවස්ථාවකම විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

“ ඒහි පස්සිකෝ “ සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි – රාජ්‍ය උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේ දී
අද මි.මී. 75ට වැඩි වැසි වැටෙන ප්‍රදේශ
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන අද විශේෂ සාකච්ඡාවක්
මැගසින් බන්ධනාගාරයේ කලබලයක්! රැඳවියෙකු මරුට! ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට!
වැඩි මිලට කීරි සම්බා විකුණූ වෙළෙඳසැලකට දඩ පනවයි
හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
79 හැවිරිදි වයෝවෘද්ධ මවගේ ඝාතනයට සැකපිට 67 හැවිරිදි පුද්ගලයෙක් කොටු වෙයි! කරාබු 2 කොල්ල කාලා!
ශ්‍රී ලංකා ක්‍රිකට්හි ශම්මි සිල්වා පරිච්ඡේදය නිමවෙයි? තීරණාත්මක රැස්වීම හෙට
සජබයෙන් එජාපයට ආරාධනයක්
මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන් ගැන මහජන ආරක්ෂක ඇමති කියූ කතාව
කබ්රාල්ට අල්ලස් එකෙන් ආයෙත් නඩුවක්
බොරතෙල් මිල යළි ඉහළට