Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ

3 hours ago

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2025/26 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (28) සිට මැයි 19 දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරනවා.

මාර්තු 31 වනදා රාත්‍රියේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ අතර මෙවර උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.

එයින් උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන තිබෙන බවයි නාර්තා වන්නේ.

උසස් පෙළ අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 30,000කට අධික සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත් වී ඇති අතර මෙවර උසස් පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ගත් සිසුන් පාසල් සිසුන් ගණන 7,477ක් වන අතර, එය 3.38%ක ප්‍රතිශතයක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *