ජාතික සන්නිවේදනය, ඩිජිටල් පරිවර්තනය, නව්‍යකරණය සහ මහජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම යන ආයතනික අරමුණුවලට අනුගතව අනාගතයට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරයට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සංවිධාන ව්‍යුහය තුළ නිශ්චිත වගකීම් සහිතව ඩිජිටල් කටයුතු සඳහාම වෙන් වූ මානව හා භෞතික සම්පත් සහිත නිල ඩිජිටල් ඒකකයක් ස්ථාපිත කිරීම සුදුසු බව හඳුනා ගෙන තිබෙනවා.
එමඟින්, ඩිජිටල් අන්තර්ගතයන් විධිමත් පරිදි කළමනාකරණය කිරීම, ඩිජිටල් ප්රවෘත්ති බෙදා හැරීම, ප්‍රේක්ෂක සබඳතාව පවත්වා ගැනීම, දත්ත විශ්ලේෂණය වැනි අවස්ථාවන් රැසක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට හිමිවනවා.
ඒ අනුව, උපායමාර්ගික ඒකකයක් වශයෙන් යෝජිත ඩිජිටල් ඒකකය ස්ථාපිත කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු
මාලදිවයින් ජනපති දිවයිනට
චාල්ස් රජුගේ ඇමරිකානු සංචාරය ඇරඹෙයි
මුදල් අමාත්‍යාංශ ලේකම්ට විරෝධය පළ කරන්න ගිය සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක්
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ
හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට
පාසල් බස් රථයක් අනතුරට ලක්වෙයි! සිසුන් 34ක් රෝහල්ගත කරයි!
“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි – රාජ්‍ය උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේ දී
අද මි.මී. 75ට වැඩි වැසි වැටෙන ප්‍රදේශ
කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්