Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්

2 hours ago

ජාතික සන්නිවේදනය, ඩිජිටල් පරිවර්තනය, නව්‍යකරණය සහ මහජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම යන ආයතනික අරමුණුවලට අනුගතව අනාගතයට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරයට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සංවිධාන ව්‍යුහය තුළ නිශ්චිත වගකීම් සහිතව ඩිජිටල් කටයුතු සඳහාම වෙන් වූ මානව හා භෞතික සම්පත් සහිත නිල ඩිජිටල් ඒකකයක් ස්ථාපිත කිරීම සුදුසු බව හඳුනා ගෙන තිබෙනවා.

එමඟින්, ඩිජිටල් අන්තර්ගතයන් විධිමත් පරිදි කළමනාකරණය කිරීම, ඩිජිටල් ප්‍රවෘත්ති බෙදා හැරීම, ප්‍රේක්ෂක සබඳතාව පවත්වා ගැනීම, දත්ත විශ්ලේෂණය වැනි අවස්ථාවන් රැසක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට හිමිවනවා.

ඒ අනුව, උපායමාර්ගික ඒකකයක් වශයෙන් යෝජිත ඩිජිටල් ඒකකය ස්ථාපිත කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *