Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්

8 minutes ago

මෝටර් රථ රක්ෂණ ආවරණ ලබාදීමේදී රක්ෂණ සමාගම් විසින් වාහන හිමියන් වෙත ලබා දෙන ණය කාල සීමාව (Credit Period) දින 30 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

කොමිෂන් සභාව නිකුත් කළ චක්‍රලේඛයකට අනුව, මෙම සංශෝධනය මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව, දැනට වාහන හිමියන්ට තම රක්ෂණ වාරික ගෙවා නිම කිරීම සඳහා දින 60 සිට 90 දක්වා සහන කාලයක් හිමිවන අතර, මැයි 01 සිට එම කාලය දින 30කට සීමා වනවා.

මෙම ණය සහන කාලය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගන්නා බව රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා.

සංගමයේ සභාපති ලසිත විමලරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, රක්ෂණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන් කරා යොමු වෙමින් පවතින බවත්, රක්ෂණ ආවරණයක් නිකුත් කළ යුත්තේ ගෙවීම් සිදු කිරීමෙන් පසුව පමණක් බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *