කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධියට සම්බන්ධ තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුව අද (28) සවස මෙලෙස අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
ඊයේ (27) උදෑසන බොරැල්ල පොලිස් වසමේ මැගසින් බන්ධනාගාරය තුලදී රැඳවියකු මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර ජෙර්ලවරයෙකු හා නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

සුගීෂ්වරට අසූචි ගැසීම ‘ඒකාබද්ධ විපක්ෂය’ හෙළාදකී
මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්
‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන අවසන් වෙයි
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්
සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු
මාලදිවයින් ජනපති දිවයිනට
චාල්ස් රජුගේ ඇමරිකානු සංචාරය ඇරඹෙයි
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ
හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට