රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
ඒ ඔහු අද මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස ඉලවාලෙයි පොලීසිය මගින් පසුගිය 27 වනදා උදෑසන එතුමා අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුනා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 25 වැනිදා යාපනය පෙරියවිලාන් ප්‍රදේශයේදී ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කර තිබූ සිද්ධියක් සම්බන්ඳයෙන්.
මෙලෙස ගැටුම හටගෙන ඇත්තේ ඉඩමක් සම්බන්ධයෙන්.
අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර එම ඉඩම තමාට අයත් බව මන්ත්‍රී අර්ච්චුනා පවසන අතර කාන්තාවක්ද එම ඉඩමේ අයිතිය ඉල්ලා තිබෙනවා.
ඒ අනුව පසුගිය 25වනදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමෙන් කොටසක් තමන්ට අයත් බව පවසමින් මන්ත්‍රීවරයා සමග බහින් බස්වීමක් ඇති කර ගෙන තිබෙන අතර එම බහින්බස්වීම දුරදිගයාම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙලෙස තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ඉන්ධන පිරිමැස්ම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගත් තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට
ලබන වසර මුල සිට මෙරට ජනතාවට විදුලි දුම්රියක ගමන් කිරීම්කට අවස්ථාව
ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්
තිරිඟු පිටි මිල ඉහළට
ශම්මි සිල්වා ඉල්ලා අස්වීම භාරදෙයි
යළිත් විදුලි ගාස්තු සංශෝධනයක්? යෝජිත ආකාරය මෙන්න
රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
රටේම ආදරය දිනා ගත් සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්