ශ්‍රී ලාංකීය ප්‍රකාශන ක්ෂේත්‍රයේ අසමසම මෙහෙවරක් ඉටු කළ, ගොඩගේ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 90 වන වියේ පසු විය.
1936 මැයි මාසයේ දී මාතර, පාලටුව ගම්මානයේ උපත ලැබූ සිරිසුමන ගොඩගේ මහතා, සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුත් පවුලක හයවැනියා විය.
පාලටුවේ ගුණරතන මහා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා, පවුලේ ආර්ථික අපහසුතා හේතුවෙන් වයස අවුරුදු 15 දී පමණ තම ගම්පියසින් සමුගෙන කළුතරට සංක්‍රමණය විය. පොත් බඳින්නෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹූ ඒ මහතා, මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවද නොසැලී තම ගමන ඉදිරියට ගෙන ගියේය.
1957 දී හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරඹූ කුඩා පොත් බැඳීමේ ව්‍යාපාරය, අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශන ආයතනය (ගොඩගේ පොත් මැදුර) දක්වා වර්ධනය වූයේ ඒ මහතාගේ කැපවීම සහ දූරදර්ශී බව නිසාවෙනි.
1970 වසරේදී මරදාන කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කළ ගොඩගේ පොත් මැදුර, සාහිත්‍ය ලෝලීන්ට දැනුම බෙදා දෙන මහා මධ්‍යස්ථානයක් විය. ළමා පොත් ප්‍රකාශනයෙන් ඇරඹි ඒ මහතාගේ ගමන, අද වන විට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම කෘති ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවේ සාහිත්‍ය සංස්කෘතිය පෝෂණය කිරීමට දායක විය.
රාජ්‍ය සම්මාන උළෙලේ අඛණ්ඩව වසර 38 ක් සම්මාන දිනාගනිමින් සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට ගොඩගේ ආයතනය සමත් විය. 2022 වසරේදී පමණක් සම්මාන පහකින් පිදුම් ලැබූ එම ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රකාශන ක්ෂේත්‍රයේ උසස්ම තලයකට ඔසවා තැබීමට සිරිසුමන ගොඩගේ මහතා ඉටු කළ මෙහෙවර අතිමහත්ය.

රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන්
බැංකු රැසකින් අනතුරු ඇඟවීම්! ගනුදෙනාකරුවන්ට විශේෂ දැනුම්දීමක්!
රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
සුගීෂ්වරට අසූචි ගැසීම ‘ඒකාබද්ධ විපක්ෂය’ හෙළාදකී
මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්
‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන අවසන් වෙයි
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්
සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු