Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්

3 hours ago

“එහිපස්සිකෝ” සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවයෙන් පසු පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණි. 

“එහිපස්සිකෝ” සාම පාගමන ඉතා සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ලබා දුන් රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව ස්තූතිය පළ කළ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ එය සැබවින්ම දිරිගන්වන සුළු අත්දැකීමක් වූ බව  ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාව සහ ලෝකය යා කරන ජීවමාන ධර්ම පාලමක් ලෙස කටයුතු කරන ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි “ධම්මචේතිය” ව්‍යාපෘතිය සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි අංකුරයක් තෑගි කිරීමත්,  ඇමරිකාවේ “හං දාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ” පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේදී සර්වඥ  ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට අවසර දීමත්  පිළිබඳවද උන්වහන්සේ මෙහිදී සිය කෘතඥතාව පළ කර සිටියහ.

එසේම මඟ දෙපසදී “ආලෝකට” සහ අනෙකුත් සතුන්ට පෙන්වූ ආදරය, රැකවරණය සහ කරුණාව අගය කරන බවද උන්වහන්සේ සඳහන් කළහ. 

ත්‍යාගශීලී භාවය, විශ්වාසය සහ ඉහළ සත්කාරකත්වය වෙනුවෙන් මහා සංඝරත්නයටත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවටත්, ආරක්ෂක අංශවලටත්, කැපවීමෙන් කටයුතු කළ පශු වෛද්‍ය කණ්ඩායම, වෛද්‍ය කණ්ඩායම සහ සියළු මාධ්‍යය ආයතන වෙතත්  පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ස්තූතිය පළ කළහ. 

සාම පා ගමන හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය තවදුරටත් පවත්වා ගෙන යමින්  ලංකාව සාමයේ සහ මනුෂ්‍යත්වයේ දිවයින බවට ඔසවා තැබීම  අපේක්ෂාව බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ උදෙසා මෙන්ම ලෝක සාමය උදෙසා පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේගේ කැපවීමට ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව වෙනුවෙන් කෘතවේදීත්වය පළ කළේය.

පූජ්‍ය මෙල්පිටියේ විමලකිත්ති ස්වාමින්වහන්සේද, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජාතික මෝස්තර මධ්‍යස්ථානය සභාපති සිසිර අමරබන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *