මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.
තරගාවලියේ 41වන තරගය ලෙසින් මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේදී ඔහු මෙම සුවිෂේෂී වාර්තාව අලුත් කළේය.
මෙම තරගයේ දී රිකෙල්ටන් පන්දු 55කදී නොදැවී ලකුණු 123ක් රැස්කිරීමට සමත්වූ අතර, එහි ශතක සීමාව ඔහු පන්දු 44කින් පසුකර ගියේය.
ඒ අනුව මීට වසර 18කට පෙර එනම්, 2008 වසරේ දී ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පන්දු 45කින් ශතකය රැස්කර මුම්බායි වෙනුවෙන් පිහිටුවා තිබූ වාර්තාව බිඳ වැටුණි.
එමෙන්ම වෙවර තරගාවලියේ දී එම වාර්තාව (පන්දු 44කින්) සමකිරීමට සමත්වූ තිලක් වර්මාගේ වාර්තාවත් මේ සමග බිඳ වැටී ගියේය.
රිකෙල්ටන්ගේ මෙම ඉනිමත් සමග මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 243ක් රැස්කිරීමට හැකිවූ අතර, එය ඔවුන් පළමුව පන්දුවට පහරදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය.

බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!
දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ
මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි
සිංගර් වෙතින් දැවැන්ත ආයෝජනයක්
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කෙරේ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!