Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි

19 minutes ago

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ සැකකටයුතු මරණය, තමා විසින්ම සිදු කරගන්නා ලද තුවාල හේතුවෙන් සිදු වූ සියදිවි හානි කර ගැනීමක් බව විශේෂ අධිකරණ වෛද්‍ය මණ්ඩලය තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් මත අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගින් අද (01) පස්වරුවේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.

මියගිය නිලධාරියාගේ අතක සහ පාදයක කැපුම් තුවාල තුනක් දක්නට ලැබුණු අතර, එම තුවාල ඔහු විසින්ම සිදු කරගත් ඒවා බව වෛද්‍ය නිගමනය වී ඇත.

මියගිය රංග රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් අතර වූවෙකි.

ඔහු ඊයේ (30) සිය නිවසේ ගෙවත්තේදී මියගොස් සිටියදී හමු වූ අතර, එම මරණය ඝාතනයක් ද යන්න පිළිබඳව මුලින් සැකයක් මතුව තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *