Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපතිගේ කතාවට අලි සබ්‍රිගෙන් දරුණු විවේචනයක්

3 hours ago

2026 දූෂිතයින් සිරගත කිරීමේ වසරක් වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක කරන ලද ප්‍රකාශය විවේචනය කරමින් හිටපු අධිකරණ ඇමතිවරයකු වූ නීතිඥ අලි සබ්‍රි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

ඔහු පවසන්නේ, කිසියම් පුද්ගලයකුට සිරදඬුවම් නියම කිරීම දේශපාලනඥයන්ට අයත් කාර්යභාරයක් නොවන බවයි.

ජනාධිපතිවරයා, නුවරඑළියේ පැවැති මැයි දින රැලියකට එක්වෙමින් පැවැසුවේ, 2026 වසර ශ්‍රී ලංකාව දූෂිතයන්, වංචාකරුවන් සහ අපරාධකරුවන් සිරගෙට යවන වසර ලෙස සලකුණු කෙරෙනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අලි සබ්‍රි තබා ඇති සටහන පහත පරිදි වේ.

‘මෙවැනි අවස්ථා අපගේ ආයතනවල ශක්තිය, විශේෂයෙන් බලතල බෙදීම සහ අධිකරණ ස්වාධීනත්වය පරීක්ෂා කරයි.

ස්වාධීන අධිකරණයක් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වාර්තාව අප ආරක්ෂා කළ යුතු සහ තහවුරු කළ යුතු එකකි.

සිරදඬුවම් නියම කරන්නේ දේශපාලනඥයන් නොවේ.

මෙය සරලව පැවසිමකි!’

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *