Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බොරතෙල් මිල යළි ඉහළට

3 hours ago

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් වරක් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෑත කාලීනව පැවති මිල උච්චාවචනයන් හමුවේ මෙම මිල ඉහළ යාම ගෝලීය ආර්ථිකයට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙළෙඳපොළ දත්තවලට අනුව, ගෝලීය මිණුම්දණ්ඩ ලෙස සැලකෙන බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.59කින් ඉහළ ගොස් ඇති අතර, එහි වත්මන් මිල අමෙරිකානු ඩොලර් 101.65ක් ලෙස සටහන් වේ.

එමෙන්ම, WTI බොරතෙල් බැරලයක මිල සියයට 1.95කින් ඉහළ ගොස් ඇති අතර එය සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 96.66ක් ලෙසය. මීට අමතරව මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 96.66ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *