ගතවූ වසර තුන තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 12,000ක් පමණ ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
2023, 2024 සහ 2025 වසරවල ලැබී ඇති එම පැමිණිලිවලින් 2,300ක් පමණ විසඳා ඇති බව ආනන්ද විජේපාල මහතා කියා සිටියේය.
2023 වසරේදී කාන්තාවන්ට එරෙහිව සයිබර් අපරාධ 4103ක් ලැබී ඇති අතර ඉන් 753ක් විසඳා ඇත.
තවත් පැමිණිලි 3348ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සහ නඩු පැවරීම් සිදු කෙරේ.
2024 වසරේදී ලැබුණු පැමිණිලි 3159 අතුරින් 982ක් විසඳා ඇති බව ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.
එහිදී තවත් පැමිණිලි 2177ක් පිළිබඳව විමර්ශන සහ නඩු පැවරීම් සිදු කරමින් පවතින බව ද හෙතෙම පැවසීය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, 2025 වසරේදී කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 4742ක් ලැබී ඇති බවය.
ඉන් 572ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 4170ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සහ නඩු පැවරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් ප්‍රතාශ කළේය.

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
ඉන්දීය ක්‍රිකට් තරුවක් අකාලයේ මියයයි
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් කිහිපයක් හෙට වැසෙයි
අස්වැසුම මුදල් දෙවරක් ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න
කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු
Whatsapp භාවිතා කරන ඔබට අනතුරු ඇඟවීමක්
උදේ 10ත් සවස 4ත් අතර අව්වේ ඉන්නේ ප්‍රවේශමෙන්!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනිය ගැනීමට සැරසෙන තීරණය
LPL තරගාවලියට විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට
කොළඹ පාසල් දරුවන්ගෙන් 15%ක් අනතුරේ
ග්‍රීක බැඳුම්කර සිද්ධිය පිළිබඳව අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව යළිත් අධි චෝදනා ගොනු කරයි
තෝරාගත් iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්