ඇප මුද මුදා හැරි ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අධිකරණයේ විශ්වාසය කඩ කිරීම සහ ඇප කොන්දේසී උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද(07) නියොගයක් නිකුත් කර තිබෙනවා.
අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.
කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම අදාළ ඉල්ලීම ඉදිරිපත් කර තිබූ අතර අල්ලස් කොමිසම මෝසමක් මාර්ගයෙන් එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන මහතාට පෙරේදා ඇප නියම කෙරුණා.
නමුත් ඔහු ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවත්, ඒ හේතුවෙන් කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසත් ඉල්ලා අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

Whatsapp භාවිතා කරන ඔබට අනතුරු ඇඟවීමක්
උදේ 10ත් සවස 4ත් අතර අව්වේ ඉන්නේ ප්‍රවේශමෙන්!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනිය ගැනීමට සැරසෙන තීරණය
LPL තරගාවලියට විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට
කොළඹ පාසල් දරුවන්ගෙන් 15%ක් අනතුරේ
ග්‍රීක බැඳුම්කර සිද්ධිය පිළිබඳව අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව යළිත් අධි චෝදනා ගොනු කරයි
තෝරාගත් iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
හෙට පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක සැලැස්මක්! මන්ත්‍රීවරුන්ගේ අල්මාරිත් චෙක් කරයි!
රතුගල ආදිවාසී නායකයා දිවියෙන් සමුගනී
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, බුරියානි සහ නාසි ගුරාන් මිල ඉහළට
මැදපෙරදිග වත්මන් තත්ත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
පහළ වායුගෝලගේ කැළඹිලි ස්වභාවයක්! කාලගුණයෙන් දැනුම්දීමක්!