Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් කිහිපයක් හෙට වැසෙයි

2 hours ago

පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස වසා දමනු ලබනවා.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව  දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස හා දරුවන්ට රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *