දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු අද (9) පෙරවරුවේ සිට විවෘත කිරීමට පියවරගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියේ, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක්, අඩි 3 බැගින් විවෘත කිරීමට පියවර ගත් බවය.
ඒ අනුව තත්පරයට ඝන අඩි 8,400 බැගින් දැදුරුඔයට ජලය මුදාහැරෙන බව එහි සඳහන් විය.
එමෙන්ම ලුණුගම්වෙහෙර ජලාශයේද වාන් දොරටු 6ක් විවෘත කර ඇත.
ඉන් දොරටු 2ක් අඩි 4 බැගින්ද, අනෙක් දොරටු 6 අඩි 8 බැගින්ද විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 2,915ක් මුදාහැරෙන බව සඳහන්ය.
ඒ හේතුවෙන් කිරිඳි ඔය භාවිතා කරන්නන් අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.
මේ අතර රාජාංගනය ජලාශයේද වාන් දොරටු 6ක් විවෘත කර ඇත.
ඉන් වාන් දොරටු 4ක් අඩි 2 බැගින්ද, අනෙක් වාන් දොරටු 2 අඩි 3 බැගින්ද විවෘත කර ඇති අතර, එමගින් තත්පරයට ඝන අඩි 4,542ක ජලය මුදාහැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ
විදුලි බිල අද සිට යළිත් ඉහළ යයිද?
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට
අද ලොකු වැස්සක්
කොටස් වෙළෙඳපොළ පැන්න පිම්ම
ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වෙයි! කඳු තරණයට ගිය තිදෙනෙකු මරුට!
සැකසහිත ලෙස මියගොස් සිටි කපිල චන්ද්‍රසේන ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
වැලිගම හිටපු සභාපති බැට්ටගේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට
වියට්නාම් ජනපති – අගමැතිනිය හමුවෙයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේන මරණය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්